“උභතෝ දණ්ඩකේන පි භික්ඛවේ කකචේන චෝරා ඕචරකා අඞ්ගමඞ්ගානි ඕකන්තෙය්යුං, තත්‍රා පි යෝ මනෝ පදූසෙය්ය න මේ සෝ තේන සාසනකරෝ,”
(කකචූපම සුත්ත)
“මහණෙනි, නීච පැවතුම් ඇත්තා වූ සොරු තොප අල්ලා තොපගේ ශරීරාවයවයන් හරස් කියතින් කපත් නම් මේ භික්ෂුවක් එකල්හි ද ඔවුන්ට කිපේ නම් හෙතෙමේ මාගේ අනුශාසනය අනුව පිළිපදින්නේ නො වේ ය යනු එහි තේරුම ය. මෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කොතරම් මහත් අපරාධයක් වුව ද කරන සතුරකුට නො කිපිය යුතු බව ය. මේ දේශනය සිහි කොට යෝගාවචරයන් විසින් මම තමන් වහන්සේ නසන්නට අවි ගෙන එන සතුරන් කෙරෙහි ද, මෙත්සිත පවත්වා ඔවුන්ටත් යහපතක් සිදු කළ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයකු වන මට කිනම් කරුණකදී වුව ද කිපීම සුදුසු නැතැය”යි සිතිය යුතු ය. නැවත නැවත සිතිය යුතු ය.