“අත්ථි භික්ඛවේ, චේතසෝ අවූපසමෝ, තත්ථ අයෝනිසෝමනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භීය්යෝභාවාය වේපුල්ලාය.”
“මහණෙනි, සිතෙහි නො සන්සිඳීමක් ඇත. එහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව නූපන් උද්ධච්ච කුක්කුච්චයා ගේ ඉපදීමටත් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ වැඩීමට හා දියුණුවටත් හේතුවය” යනු ඒ පාඨයේ තේරුම ය. උද්ධච්චකුක්කුච්චය ඇතිවන කල්හි එය නීවරණයකැයි නො සිතා එය ප්රහාණය කිරීම ගැන නො සිතා එයට අනුකූලව සිත පැවැත්වීම, එය ම ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් හෝ සිතීම උද්ධච්චකුක්කුච්චය පිළිබඳ නුසුදුසු සේ මෙනෙහි කිරීමය. එසේ මෙනෙහි කිරීම් බහුල තැනැත්තාට නැවත නැවත උද්ධච්ච කුක්කුච්චය උපදී. උපන් උද්ධච්චකුක්කුච්ච ද නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩේ. දියුණු වේ.